Gossips

ගෑස් මිල ගැන සාකච්ඡා

ගෑස් මිල සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ගෑස් සැපයුම්කරුවන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ගෑස් සැපයුම්කරුවන් දැනට ක්‍රියාත්මක ගෑස් මිල ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟ වන බව ප්‍රකාශ කර ඇති නමුත් ගෑස් මිලට බලපාන සාධයක් වන ප්‍රවාහන වියදම තමන්ට ගැටලුවක් බව පෙන්වාදී ඇති බව සඳහන්.
නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අඛන්ඩව ඩීසල් මිල වැඩි වීම ගෑස් මිල ක්‍රමවේදයට ගැටලුවක් වී ඇති බව ගෑස් සැපයුම්කරුවන් සඳහන් කළ බවයි.
එබැවින් ගෑස් මිල තීරණ ක්‍රමවේදයට ගෑස් ප්‍රවාහනය ආශ්‍රිත වියදම් ද ඇතුළත් කර ගාස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙන ලෙස සැපයුම්කරුවන් මෙහිදී ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සඳහන් කර ඇත්තේ රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
එහෙත් ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ප්‍රවාහන වියදම් තුලනය කිරීම ආශ්‍රිත ඉල්ලීම ජීවන වියදම් කමිටුවට හා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බව මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.