Gossips

ආණ්ඩුකාරවරයාගෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාත් සභාව තුළ පසුගිය කාලසීමාව තුළ කතාබහට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පැහැදිලි කිරීමක් කළා.
ඒ, මහනුවර ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.
එහිදී ආණ්ඩුකාරවරයා පසුගියදා කතාබහට ලක්වූ පළාත් සභාවේ පුටු, සුවඳ කරන මැෂින් සහ ලිංගික හිංසා පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කළේ බස්නාහිර පළාත් සභාවට මිල අධික පුටු මිලදී ගැනීමේ උත්සාහය එක් පෑන් පහරකින් තමන් නවතා දැමූ බවයි.
එමෙන්ම, සුවද මැෂින් සිද්ධිය පිළිබදව ද පැමිණිල්ලක් ලැබෙන්නේ නම් පරීක්ෂණයක් සිදුකළ හැකි බවයි ඔහු කියා සිටියේ.