Gossips

අලුත් රන් ජාවාරමක්

රන් ආලේපිත බෝල විශේෂයක් අලෙවි කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි.
මෙලෙස සකස් කරන ලද ව්‍යාජ රන් ආලේපිත බෝල 448 ක් රුපියල් ලක්ෂ 30 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වීමේදී මීගහතැන්න ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
සැකකරුවන් සමග මෝටර් රථයක්, ජංගම දුරකථන දෙකක් සහ තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම සහ කිරම ප්‍රදේශවල පදිංචිකරුවන් තුන්දෙනෙක්.
මේ අතර, විශාල ප්‍රමාණයේ බහාලූම් දෙකක සගවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 622 ක් මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.