Gossips

කෝටි දෙක හමාරක වාලම්පුරියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ගැනුම්කරුවන් ලෙසට උපාය දූතයන් දෙදෙනෙකු යොදවා ලිහිණියාඩි ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා.
මෙම වාලම්පුරිය කිලෝ දෙකක පමණ බරකින් යුක්ත වන බව සඳහන්.
අක්කරෙයිපත්තු සහ සමන්තුරේ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලක