Gossips

ඔරුවලදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබු බණ්ඩා මරුට

ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
පසුගිය 4 වනදා මෙම වෙඩි හුවමාරුව සිදුවු අතර තුවාල ලබා සිටි පුද්ගලයා මාකදුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔහු පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලූ සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට ද අනාවරණ වී තිබෙනවා.
30 හැවිරිදි ඔහු රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නමින් හැදින්වෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෙඩි වැදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඔහුට කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.
බණ්ඩා නමැති මෙම පාතාල සාමාජිකයා පොලිස් නිලධාරියෙකුට මරු කැදවූ මාතර රන් කොල්ලය සදහා සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ සැකකරු බවට ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.