Gossips

ගිනි අවි කොහෙන්ද ? ළඟ තබා ගත්තේ ඇයි ? පරීක්ෂණ ඇරඹෙයි

බලපත්‍ර නොමැතිව විශේෂ මෙහෙයුම් සදහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ ළග තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ගිනි අවි රැගෙන ආවේ කෙසේ ද ? ඒවා ළග තබා ගත්තේ කුමන හේතුවක් මත ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
කෑගල්ල – ඈෂ්ලි පීරිස් මාවතේ පිහිටි ඉමිතියාස් කාදර්ගේ නිවසේ තිබියදී අද අලූයම මෙම ගිනි අවි සහ උණ්ඩ සොයා ගනු ලැබුවා.
ඔහු සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායකවරයෙකු වන අතර මේ වනවිට කෑගල්ල ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.