Gossips

හිටපු ක්‍රිකට් තරුව යළි විවාහවෙයි (ඡායාරූප)

පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නැවත වරක් විවාහවූවා.
ඒ බුස්‌රා මනේකා නම් කාන්තාවක් සමඟයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ විවාහය පිළිබඳව වාර්තා වීමත් සමඟ සක්‍රීය දේශපාලනයේ නිරත එරට සුවිශේෂ චරිතයක් වන ඉම්රාන් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා සහය දෙන්නියක් ලෙසටයි.
ඇය මීට පෙර විවාහ වී එම විවාහයෙන් දික්කසාද වූ කාන්තාවක්.
එම විවාහයෙන් ඇයට දරු තිදෙනෙකුද සිටිනවා.
ඉම්රාන් ඛාන් ද මීට පෙර දෙවතාවක් විවාහ වූවා.
ඒ ජෙමිනා ගෝල්ඩ්ස්‌මිත් සහ මාධ්‍යවේදිනියක්‌ වූ රෙහෙනා කාන් සමගයි.
අදාළ විවාහය ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුව ඇති අතර එම අවස්ථාවේ ඡායාරූප පෙළක් ද මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම ඡායාරූප පහතින්.