Gossips

ඒ – 9 මාර්ගයේ අනතුරකින් අයෙකු මරුට – 4 ක් රෝහලේ (ඡායාරූප)

යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ලොරි රථයේ රිය සහායකවරයා ලෙස කටයුතු කළ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.


ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක