Gossips

මිහින්තලය – කටුපොත මහවැව ප්‍රතිසංස්කරණය ඇරඹේ

අවදානමකට ලක්ව ඇති මිහින්තලේ – කටුපොත මහ වැව යලි සකස් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
2012 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරිම නිසා වැවේ සොරොව්වට නුදුරින් පිහිටි අඩි සියයකට ආසන්න කොටසක් ඊයේ උදෑසන සිට ගිලාබැසිමකට ලක් වූ බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 35ක ලබාගෙන ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.
අදාල ප්‍රතිසංස්කරණයේදි වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපනාව හෙවත් ගල් බැම්ම ඉවත් කිරිම නිසා කටුපොත මහ වැව කැඩි යාම අවදානමකට ලක්ව ඇති බවද ගම්වාසින් කියා සිටියා.
පසුගිය දින කිහිපයේ ඇති වු අධික වර්ෂාවත් සමග විශාල ජල පරිමාවක් වැවේ එක්රැස්වීම නිසා වැව් බැම්මේ කොටසක් මෙලෙස ගිලා බැසිමට ලක්ව තිබෙනවා.
අනුරාධපුර හලත්තෑව යුද හමුදා කඳවුරේ භටයින් සහ කටුපොත ගම්වාසින් එක්ව ඊයේ පස්වරුවේ සිට වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව ඇති කොටසට වැලි කොට්ට යෙදිමට පියවර ගත්තා.
මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැවේ ජල මට්ටම තවදුරටත් ඉහල යාම පාලනය කිරිම සදහා බැම්මේ එක් කොටසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැපීමටද පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.