Gossips

ප්‍රවීන සංගීතවේදිනී මහාචාර්ය අමරා රණතුංගගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසන් ගෞරව දැක්වුවා.
දේහය තැන්පත් කර ඇති ඇගේ නාවල පිහිටි සිය නිවසට ගොස් ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. එමෙන්ම, අභාවප්‍රාප්ත මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන අතර, දේහය පස්වරු 2 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි විශිෂ්ඨයින් ඇගයෙන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප – 2018 සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්වුණා.
එහිදී සාහිත්‍ය කලා සහ සන්නිවේදන යන ක්ෂේත්‍රවල විශිෂ්ඨතා දැක්වූවන් මෙන්ම, මහාචාර්ය පූජ්‍ය පාතේගම – ඥානීස්සර නායක හිමියන් ඇතුලූ ගිහි පැවිදි විද්‍යාර්ථයින් 40 දෙනෙකුට ගෞරව සම්මාන පිරිනැමීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු කරනු ලැබුවා.