Gossips

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති 23 දක්වා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති කේ. මුතුවිනායගම් සහ ඔහුගේ සහයකයා මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බවයි විනිසුරුවරයා කියා සිටියේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළේ පිහිටි අවන්හල අවුරුදු දෙකක කාලසීමාවක් සදහා, කුලී පදනම මත ලබාදීමට මොවුන් අල්ලස් ඉල්ලා එය ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 05 වනදායි.