Gossips

ප්‍රමිතියක් නොමැති තේ පැල අලෙවි කරන්නන් ගැන තේ මණ්ඩලය අවධානයෙන්

ප්‍රමිතියක් නොමැති තේ පැළ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට තේ පර්යේෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ප්‍රමිතියෙන් යුක්ත තේ පැළ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සදහා ආරම්භ කර ඇති වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මේ වනවිට ප්‍රමිතියෙන් අඩු තේ පැළ වැඩියෙන් අලෙවි වීම නිසා මෙරට තේ කර්මාන්තය ගැටලූ රැසකට මුහුණදී තිබෙනවා.