Gossips

පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවේ ලිදකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

මුලතිව් – පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ළිදක් තුල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් මෙම පොදු ළිද ඊයේ පස්වරුවේ ප්‍රාදේශිය සභා සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව පිරිසිදු කිරීමේදී එහි තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය දැනුවත් කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෙහි තිබූ බෝම්බ නිෂ්ක්‍රිය කර තිබෙනවා.