Gossips

ප්‍රබල සාක්ෂි සපයන්නැයි තුර්කියට ට්‍රම්ප් කියයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කළ බවට ප්‍රබල සාක්ෂියක් සපයන ලෙසට ඇමරිකාව තුර්කි රජයට දැනුම්දී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තුර්කි නීතිපති කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට තමන් සතුව ශ්‍රව්‍ය – දෘශ්‍ය සාක්ෂි පවතින බවයි.