Gossips

ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංග අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
දේහය පස්වරු 2 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතයි.
මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ සංගීත ඥාණයෙන් සහ ජනප්‍රියත්වයෙන් අගතැන් පැමිණියද මහාචාර්ය අමරා රණතුංග ජන සමාජය සමඟ සුහදව කටයුතු කළ බවයි.
තමා උගත් සංගීතය අනාගත පරම්පරාව වෙනුවෙන් අඩුවක් නොමැතිව දායාද කිරීමට ඇය කැපවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ශාස්ත්‍රීය නිර්මාණාත්මක සහ ප්‍රායෝගික යන අංශ තුනෙන්ම සිංහල සංගීතයට ඇය කළ මෙහෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එමඟින් ඇගයීමට ලක් කර තිබෙනවා.