Politics Sri Lanka

සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි…

සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කර තිබේ.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

එහිදී දීර්ඝ වශයෙන් අදාළ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව කතා බහට ලක් වූ බවත් එම තීන්දු තීරණයක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා දීර්ඝ වශයෙන් එම මතයන්වල සිටිමින් කටයුතු කරන බවද එස්.බී. දිසානායක මහතා කියා සිටියි.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ ප්‍රබල වෙනසක් දැකිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් ඇමිති මණ්ඩලයේ විශයන් ඇමතිවරුන්ගේ යම් යම් සංශෝධන කිහිපයක් සිදුවනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.