Gossips

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලයේ පළවූ දැන්වීමකට අනුව රැකියා නියෝජිත ආයතනයකට අත්තිකාරම් මුදල් ලෙස රුපියල් ලක්ෂ 2 ක් ලබාදී රැකියාව නොලැබීම හේතුවෙන් පුද්ගලයෙකු කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශණයකදීයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
උපාය දූතයන් යොදවා විමර්ශණ සිදුකර ඇති අතර කෑගල්ල ප්‍රදේශයේ අදාළ රැකියා නියෝජිත ආයතනයට ගොස් මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවේ එහි කළමණාකරු ලෙසට සේවය කළ සැකකරු අත්අඩංගුවට ගැනුනා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය හිමි කාන්තාවට වසරක සිර දඩුවමක් සහ සැකකාර කළමණාකරුට මාස 4 ක සිර දඩුවම් ද නියම කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.