Gossips

කඳුකරයට වැසි වැඩිවේ

ඉදිරි දිනවලදී කඳුකර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.