Gossips

තමන් ඝාතනයට රෝ සැලැස්මක් ඇති බවට ජනපති හෙළිකළ බව, ද හින්දු වාර්තා කරයි, කැබිනට් ලේකම් ප්‍රතික්ෂේප කරයි

තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කළ බව ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත අද වාර්තා කර තිබුනා.
මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කිසිවක් නොදන්නා බවද ජනපතිවරයා පැවසූ බවයි එම පුවත්පත වාර්තා කර තිබුනේ.
කෙසේ වුවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ, ද හින්දු වාර්තාව සහ මේ පිළිබඳව පලව තිබූ සියලු වාර්තා අසත්‍ය බවයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා පවසන්නේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් අද (17) දින විවිධ මාධ්‍ය පළකර තිබූ වාර්තා ද අසත්‍ය බවයි.
එසේම ඉන්දියාව සම්බන්ධ ව්‍යාපෘති ගැනද ඊයේ කැබිනට් හමුවේදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ.
එම මධ්‍ය නිවේදනය පහතින්.