Gossips

රත්නපුර, කළුතර ගංවතුරට පිළියම් සොයන්න කමිටුවක්

රත්නපුර සහ කළුතර ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනයට විසදුම් සෙවීම සදහා වාරිමාර්ග ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල තීරණය කර තිබෙනවා.
එලෙස නිකරුණේ ගලා යන ජලය නල මගින් උතුරට රැගෙන යාම සදහා වැඩපිළිවෙලක් එම කමිටුව සකස් කරනු ඇති බවයි කොළඹ අද පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ.
අද ආරම්භ වූ මෙම සමුළුව සදහා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල ඉංජිනේරුවරුන් ද එක්ව සිටිනවා.