Gossips

ජොන්ස්ටන් ප්‍රනාන්දුට නිදහස

හිටපු වෙළඳ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (17) නියෝග කළා.
පසුගිය 09 වනදා මෙම නඩුව අවසන් වරට කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි.
අධි චෝදනා යටතේ එල්ල කර තිබෙන චෝදනා නිසා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවත් පැමිණිල්ලේ සාක්ෂි විශ්වසනීයත්වයෙන් මඟ හැරී ඇති බැවින් පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධී බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
කුරුණෑගල සතොස ආයතනයට අයත් යන්තම්පලාව ශාඛාවෙන් 2013 වසරේදී මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබුණා.