Gossips

ටී.එන්.ඒ. අද ජනපති හමුවේ

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අද (17) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී උතුර – නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ.