දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කිරීමට මෙවර අයවැය ඡන්දය යොදා ගැනීමට තමන්ද යෝජනා කරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
උතුර පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් විභාගයකට අද එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
උතුර පළාත් හිටපු ධීවර අමාත්‍යවරයා අදාළ පෙත්සම ගොනුකර තිබුණේ අභියාචනාධිකරණ නියෝගයකට අනුව තමන්ව යළි තනතුරේ පිහිටුවීමට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කටයුතු නොකිරීම මගින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පවසමින්.
කෙසේ වෙතත්, සී.වී. විග්නේෂ්වරන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීෂ්වරන් මූලික විරෝධයක් මතු කරමින් ප්‍රකාශ කළේ 1972 දී හදුන්වාදුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයට අපහාස කළ පුද්ගලයෙකුට දඩුවම් කිරීමට අභියාචනාධිකරණයට හැකියාවක් නොමැති බවයි.
එහෙත් අධිකරණයට අපහාස කළ පුද්ගලයෙකුට දඩුවම් ලබාදීමට අභියාචනාධිකරණයට බලය ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී කියා සිටියා.
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 10 වැනිදා තීන්දුවක් ලබා දෙන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ.
මේ අතර, ආණ්ඩුව, දෙමළ ජාතික සංවිධානයට ඉටු කිරීමට පොරොන්දු වූ කාරණා මොනවාදැයි හෙළි කළ යුතු බව බොදු බල සංවිධානයේ නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
බොදුබල සේනා සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
එසේම රටේ ආරක්ෂාව පිලිබද නොතකා එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීමේ වැඩපිලිවෙලක රජය නිරතවෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි.