වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී, සහල් බවට පත් කර නොවැම්බර් මාසයේ සිට වෙළඳපලට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කිලෝග්‍රෑම් 5 සහ 10 අසුරණවලින් ඒවා වෙළඳපොළට නිකුත් වන අතර, එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමටද රජයේ අවධානය යොමු කරන බවයි.
