Gossips

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ තවත් පස් කන්දක් නායයාමේ අවධානමක (ඡායාරූප)

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා.
එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටියමේ බව සඳහන් කර ඇත්තේ නායයාමට ලක්වු ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වෙමින්.
ජලාශයට ඉහළ සිට විහිදී ඇති ගල් තලාවක් මත තිබු පස් තට්ටුවක් මෙලෙස නායගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම ස්ථානයේ පිහිටි තවත් නිවාස දෙකක් නායයාමේ අවධානමක පවතින අතර එම නාය සක්‍රිය වීමෙන් පසු පරීක්ෂණ සිදු කර නව මාර්ගයක් ඉදි කිරීමට නිර්දේශ ලබාදෙන බව ද සමන්ත බෝගහපිටිය මහතා සඳහන් කර තිබෙනවා.
නායයාමට ලක්වු ස්ථානයට ඉහළින් තේ වතු යාය හරහා සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමට විකල්ප මාර්ගයක් ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙම නායයාම හේතුවෙන් පවුල් 7 කට අයත් සාමාජිකයන් 30 දෙනෙකු පමණ මේ වන විට ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව නවාතැන්ගෙන සිටිනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ