Gossips

ලෝක මානසික සැමරුම් දින සංකේතය ජනපතිට පළඳවයි

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන සමනල රුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා.
මෙරට මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී ජාලයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ සුනිල් නානායක්කාර, මෙම ප්‍රථම සැමරුම් ලාංඡුනය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙහිදී මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී ජාලය, ආසියා – ශාන්තිකර කලාපයේ රටවල් 25ක මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ සංවිධාන සමඟ එක්ව පසුගිය අගෝස්තු මාසයේ ප්‍රකාශයට පත් කළ බාලි ප්‍රකාශනයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.