Gossips

කම්කරු වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අදත් විරෝධතාවක්

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන් හැටන් – ෂැනන් වතුයායේ කම්කරුවන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය එම වතුයාය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද උද්ඝෝෂණයක නිරතවුණා.
කම්කරුවන් කළු කොඩි ඔසවා මෙලෙස උද්ඝෝෂනයේ නිරතවූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වුණේ තුන්වන දිනටයි.