Gossips

ජනපති මුදල් ඇමතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබදව සොයා බලා ඒ පිළිබද වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
ලෝක වෙළෙදපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසදුම් ලෙස මෙම පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ජාතික ආර්ථික සභාව අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදීයි.
ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණදීම සදහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පු`ථල් ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කර ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානයක් යොමු කෙරුනා.
මේවන විට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කර පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබදව ද මෙහිදී අවධානයට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම, පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සදහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙද ශේෂයේ හිගය පියවිය හැකි බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ප්‍රකාශ කර ඇත්තේ.
ආනයනය කරනු ලබන ත්‍රිත්ව සුපරි පෝස්පේට්වලට ආදේශයක් වශයෙන් එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් සිංගල් පෝස්පේට් නිෂ්පාදනය කිරීම සදහා සුදුසු ක්‍රමවේදයක් පිළිබදව ද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
එමගින් පොහොර සදහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ඉතිරිකර ගත හැකි බවයි විශේෂයෙන් අවධාරණය කෙරුනේ.
මේ අතර වරායට ගෙන එන භාණ්ඩ නිෂ්කාශනය සිදුකිරීමේ දී ස්කෑන් පරික්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදය පිළිබදව ද අවධානය යොමු වු අතර දැනට ඒ සදහා ක්‍රියාත්මක ක්‍රමවේදය වන අහඹු ලෙස බහාලූම් පරික්ෂා කිරීම වෙනුවට සියලූ බහාලූම් පරික්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව වර්තමාන තත්ත්වය පිළිබද කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
කළු ගඟ නිම්න මිටියාවත මුහුණ දී තිබෙන ගංවතුර තර්ජනය පිළිබදව ද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කෙරුණා.