ඉදිරි පැය 9 තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 ක් 30 ක් පමණ වනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රලු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.