Gossips

ආණ්ඩුව 2020 තෙක් යන බව දුමින්ද කියයි

සභාග හෝ හවුල් ආණ්ඩු අවශ්‍ය නොවන බවත්, වත්මන් ආණ්ඩුව 2020 දක්වා පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අනුරාධපුර – තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (15) පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර, කෑගල්ල – රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ වත්මන් ආණ්ඩුව වසර 2020 දක්වා ක්‍රියාත්මක බවයි.