Gossips

ජල ගාස්තු සංශෝධනයට කමිටුවක් – විදුලි බිලටත් සූත්‍රයක් එන ලකුණු

ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජල ගාස්තුව වසර 3කට වරක් සංශෝධනය විය යුතු බවයි.
එහෙත් වසර 6ක් තිස්සේ ජල ගාස්තු කිසිදු සංශෝධනයකට ලක්වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අනුව අදාළ කමිටුව සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට අමතරව මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සාමාජිකයන් පත් කර තිබෙනවා.
එහි වාර්තාව ඉදිරියේදී තමන් වෙත භාරදීමට නියමිත බවයි අමාත්‍ය රවුෆ් හකීම් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, කොළඹ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ විදුලි බිල සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමේ සූදානමක් පවතින බවයි.