Politics Sri Lanka

මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව මින් මොහොතකට පෙර අවසන් වූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවති රැස්වීමේදීත් ජනාධිපතිවරයා එම ස්ථාවරය දැනුම් දුන් බවත් නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර තිබේ.

තමන්ට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ වසර 06ක්ද නොඑසේනම් වසර 05ක්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබිණි.

බීබීසී සිංහල