Gossips

රට සුරකින ජනපවුරෙන් චෝදනාවක්

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කල ඇමතිවරුන්ගේ ගිණුම්වලට නොදන්නා පුද්ගලයින් මුදල් තැන්පත්කර ඇති බව රට සුරකින ජනපවුර සංවිධානය චෝදනා කරනවා.
සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පලකළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ රට සුරකින ජනපවුර සංවිධානය අද පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ නායකයන් මුණ ගැසී සිංගප්පූරු ගිවිසුමට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා.