Gossips

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයෙන් බරපතළ චෝදනා

හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එම කවුන්සිලයේ දුෂණ මර්දන පනත කඩ කිරීම හේතුවෙන් බරපතළ චෝදනා එල්ල කර තිබෙනවා.
කරුණු දෙකක් යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කල බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.
ඊට එරෙහිව විරෝධතා ඇත්නම් දින 14ක් ඇතුලත ප්‍රතිචාර දැක්විය යුතු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇත්තේ.
එම කරුණු වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ සදහා සහයෝගය නොදීම හෝ ප්‍රතික්ෂේප කිරීම සහ පරීක්ෂණවලට බාධා කිරීම හෝ පරීක්ෂණ පමා කිරීමයි.