Gossips

ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පුරවයි

දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, හෙට මීට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, එය ලබන නොවැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
මෙහිදී බදවා ගන්නා විදුහල්පතිවරුන් මෙම වසර අවසානයට පෙර ජාතික පාසල් වෙත අනුයුක්ත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.