Gossips

තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය

රත්නපුර – මල්වල – දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පෙරේදා (13) රාත්‍රියේ ආරම්භ කෙරුණු මෙම සාදය ඊයේ (14) රාත්‍රිය දක්වා පැවති අතර, මොවුන් අයිස් නැමති මත්ද්‍රව්‍යයද භාවිත කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
සාදය නිමවා හතරදෙනෙකු මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ඊයේ (14) රාත්‍රියේ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවුණා.
එම අනතුරෙන් පසුව මොවුන් ගම්වාසීන් සමඟ ආරවුලක්ද ඇති කරගෙන ඇති අතර, පසුව එම ස්ථානයට මෙම සාදයට එක්වූ තවත් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි පොලීසිය ෆේස්බුක් සාදයට එක්වූ තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් රිය අනතුරට සම්බන්ධ හතරදෙනා පොලිස් භාරයේ තබාගෙන අනෙක් පිරිස මුදාහැර ඇති බවයි රත්නපුර පොලීසිය සඳහන් කළේ.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනාද, මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට අනාවරණ වී තිබෙනවා.