Gossips

ගේල් සමඟ එක් වූ ඩිල්ෂාන් මුණවීර සාජා පිටියේ ගිනිකෙළි සංදර්ශනයන මවයි

ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයකින් පෙරළිකාර ජයක් ලැබීමට බල්ක් ලෙජන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, කාබුල් සවනන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්.
සාජාහි පැවති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් බල්ක් ලෙජන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06කට ලකුණු 244ක් රැස් කළා.
එහිදී ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සහ ඩිල්ෂාන් මුණවීර පළමු කඩුල්ලට විශ්ෂ්ඨ සම්බන්ධන්තාවක් ගොඩනැගුවා.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් මුණවීර දැවී යනවිට හතරේ පහර 05ක් සහ දැවැන්ත හයේ පහර 03ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 46ක් රැස් කරගෙන සිටියා.
සිය සුපුරුදු ප්‍රහාරය අනුකම්පා විරහිතව දියත් කළ ක්‍රිස් ගේල් හයේ පහර 10ක් සහ හතරේ පහර 02ක් සමඟින් ලකුණු 80ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමින්.
පන්දු යැවීමේදී ෆරීඩ් අහමඩ් බල්ක් කණ්ඩායමේ කඩුලු 02ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉණිමේදී කාබුල් සවනන් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක හස්රතුල්ලා සසායි ලෝක වාර්තාවක් පිහිට වුයේ පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමින්.
සසායි මෙම අර්ධ ශතකය රැස් කළේ පන්දු 12ක් පමණක් වැයකරමින්.
කෙසේ වෙත්ත සසායිගේ එම ඉනිම සිය කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූ අතර කාබුල් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 223ක් පමණයි.
මෙම තරඟයේදී වාර්තා වූ සමස්ථ හයේ පහර සංඛ්‍යාව 37ක් වන අතර එය විස්සයි විස්ස තරඟයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසට වාර්තා පොත් අතරට එක්වනවා.
තරඟයේ වීරයා සම්මානය හිම්කරගත්තේ ක්‍රිස් ගේල්.

හස්රතුල්ලා සසායිගේ වාර්තාව සමඟින් කාබුල් කණ්ඩායමේ ඉනිම පහතින්.