Gossips

උඳු බීජ වගාවට අක්කර 16,000 ක්

උඳු බීජ වගා කිරීම සඳහා වවුනියාව – පන්බෙයිමඩු ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 16,000 ක් යොදාගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා උඳු බීජ කිලෝ 125,000 ක් බෙදාහැරීම අද (15) සිදුකෙරුණා.
මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 20,000 ක් වන නමුත් දැනට දේශීය වශයෙන් ලබාගත හැක්කේ මෙටි‍්‍රක් ටොන් 12,000 ක් පමණයි.
වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 8,000 ක් ඉන්දියාවෙන් ආනයනය කරන අතර, ඒ සඳහා යන පිරිවැය අවම කිරීමේ අරමුණින් මෙලෙස උඳු වගාව ව්‍යාප්ත කිරීමටයි අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.