Gossips

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව කල් යයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වනදා යළි කැදවීමට විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියම කළා.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදු කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.
නඩුව පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු ඉදිරිපත් කරමින් මීට අදාල ලේඛන බොහොමයක් තමන්ට මෙතෙක් නොලැබීම නිසා නඩුව පවත්වාගෙන යෑමෙන් විත්ති පාර්ශවයට අගතියක් සිදුවන බවට අධිකරණයට දැනුම් දුන්නා.
අනතුරුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල අදාල ලේඛන මොනවාදැයි මෝසමක් මාර්ගයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.
එම මෝසමේ සඳහන් ලේඛන මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මාර්ගයෙන් ලබා ගැනීමට ක්‍රියාකරන බව ද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.