Gossips

හෙට සිට යළි දිවයින පුරා සවස් කාලයේදී වැසි

හෙට සිට දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විටදී එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකියි.