Gossips

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය අවසන් වුවද නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එහි ලේකම් සමන් දිසානායක පවසනවා.
වසර 3ක කාලයක් සඳහා 2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වන දා පත් කරන ලද පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ (14) දිනයෙන් අවසන් වුණා.
කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ට තවදුරටත් එහි කටයුතු සිදුකළ හැකි බවයි එහි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.