Gossips

වත්මන් පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා රට පිරිහිලා – හිටපු ජනපති

වර්තමාන පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් රට පිරිහීමට පත්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (14) පස්වරුවේ කොස්ගමදී පැවති උත්සවයකට එක්වෙමින්.
"හදවතේ ජනපති මහින්ද" නම් සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරිකයින් පිරිසක් ඇගයීමේ උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.