ළමා නිවාසයක බාලවයස්කාර දරුවන් යොදා නීති විරෝධී ලෙස බර වැඩ සදහා යොදාගන්නා බවට වූ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා.
හෙම්මාතගම, කොටගල ළමා නිවාසයේ ශාඛාවක් වන අශෝකපුර ළමා නිවාසයේ බාලවයස්කාර හා කායික මානසික ආබාධිත දරුවන් මෙලෙස නීති විරෝධී ලෙස බර වැඩ සදහා යොදාගෙන තිබෙනවා.
මේ පිළිබදව සොයා බැලීම සදහා එහි ලගාවන විටත් අපට දැකගත හැකි වුණේ උඩතඹවිට සිට ගලා බසින බඹරගහ ඇල මාර්ගයේ, කළු වළ ප්‍රදේශයේදී දරුවන් යොදා ගනිමින් වැලි ගොඩදැමීම සිදු වන ආකාරයයි.
ගම්වාසීන් පැවසුවේ කදු බෑවුම් සහිත ස්ථානයක ඉතා අනාරක්ෂිත අයුරින් දින කිහිපයක සිට වයසට ඔරෝත්තු නොදෙන තරමේ බර වැඩ දරුවන් යොදා ගනිමින් සිදුකරන බවයි.