මතුගම – ඇලදූව වත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මතුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (13) මෙම බෝම්බය සොයාගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මතුගම – යටදොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
