Gossips

අයි.ඕ.සී. අලෙවිකරුවන්, ස්ථාවර මිලක් ඉල්ලයි

අයි.ඕ.සී සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධන සඳහා ස්ථාවර මිලක් ලබාදෙන ලෙස අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් බෙදාහරින්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි කාරක සභික ඉන්දික ලියනගේ මේ බව කියා සිටියේ මහනුවර අද (14) මාධ්‍ය හමුවක් කැදවමින්.
මේ අතර, කොළඹ අද (14) පැවැති තවත් මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය අරගලවල නිරත වන බවයි.