Gossips

මාර්ග අනතුරුවලින් සංක්‍රමණිකයන් 26 දෙනෙකු මරුට

බටහිර තුර්කියේ ඉස්මීර් ප්‍රාන්තයේ සංක්‍රමණිකයන් ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ළමයින් ඇතුලු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මාර්ගයෙන් ඉවතට පැන පෙරලුනු රථයේ සිටි ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, සංක්‍රමණිකයන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ.
තුර්කි රාජ්‍යය ප්‍රවෘත්ති සේවාව මේ බව අද වාර්තා කළ අතර, තුර්කියේ සිට පැමිණි සංක්‍රමණිකයන් රැගත් රථයක් ග්‍රීසියේදී අනතුරට ලක්වීමෙන්ද 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම සිද්ධිය ඊයේ වාර්තාවූ අතර, එහිදී මියගොස් ඇත්තේ සංක්‍රමණිකයන් 10 දෙනෙකු සහ මිනිස් ජාවාරම්කරුවෙකු බවට විශ්වාස කෙරෙන ඔවුන්ගේ රියදුරායි.