Gossips

වලසුන් තිදෙනෙකු සමඟ පොරබදා සියදිවි හානිකරගත් බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය ඝාතනයක් (ඡායාරූප)

අම්පාර, ඉඟිණියාගල, මුල්ලේගම ප්‍රදේශයේ පසුගිය 08 වනදා වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව වෙඩි තබාගෙන මිය ගිය බව කියන
සිවිල් ආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබෙනවා.
සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර සම්බන්ධයෙන් අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයා කරාඩුගල පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙක්.
නිවාඩුව සඳහා පැමිණි සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර මුල්ලේගම ප්‍රදේශයේ හේනක පැලක් තුළ තිබෙන බවට ඔහුගේ ඥාතීන් රත්මල්ගහඇල්ල පොලිස් මුරපොලට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉඟිණියාගල පොලිසිය මනේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
මෙම මරණය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදීමෙන් සිදුවු මරණයක් බවටයි එහිදී නිගමනය කර ඇත්තේ.
වලසෙකු විසින් පහරදීමකින් මෙම මරණය සිදු නොවී ඇති බවත් එල්ලකරන ලද පළමු වෙඩිල්ල නිකටෙන් වැදි හක්ක ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති අතර එයින් මාරාන්තික තුවාල සිදුනොවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දෙවෙනි වෙඩිල්ල හිස් මුදුනෙන් වැදී හක්ක ප්‍රදේශයෙන් පිටව ඇති අතර එහිදී හිසට සිදුවු බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මෙම ඝාතනය කරන ලද පුද්ගලයින් සෙවීම සඳහා ඉඟිණියාගල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
මළ සිරුර සොයාගත් ස්ථානයේ බිම "වලස්සුන් තුන්දෙනෙකු එක්ක පොර බැදුවා බේරෙන්න බැරිව වලහා කෑවා මම මැරෙනවා" යනුවෙන් ලියා තිබූ බව අප වාර්තාකරු සඳහන් පවසා සිටියා.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල