Gossips

හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ඒකාබද්ධයට අභියෝගයක්

හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමාන රජය 2020 වසර වනතෙක් පවතින බවයි.
අමාත්‍ය පී. හැරිසන් ද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ දැනට පවතින්නේ සභාග ආණ්ඩුවක් බවයි.
එය වෙනස් කිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 15 දෙනාගේ කණ්ඩායමට සිදුකළ නොහැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මේ අතර බෙලිඅත්ත ප්‍රදේශයේදී ජන හමුවක් අමතමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ වර්තමාන රජය දැවැන්ත ලෙස බදු බර පටවමින් ජනතාව අසරණ කර ඇති බවයි. එමෙන්ම රජය වෙනස් කිරීමට ඕනෑම අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටි