Gossips

භාවිත නොකළ කොළඹ ඉඩම්, බදුදීමේ සැළැස්මක්

කොළඹ නගරයේ භාවිතයට නොගන්නා ඉඩම් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා පවරාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඌණ භාවිතයක් ඇති මෙම ඉඩම් තරගකාරී ලෙස මිළ ගණන් කැඳවා පෞද්ගලික අංශයට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
මෙලෙස පවරාගත් ඉඩම් අතර පෞද්ගලික මෙන්ම රජයට අයත් ඉඩම්ද පවතින බව සඳහන්.