Gossips

ජ.වි.පෙන් ආණ්ඩුවට චෝදනා

මහජනතාව ඡන්දය ලබාදෙමින් පත්කරනු ලබන්නේ ආණ්ඩු නොව මංකොල්ල කල්ලි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කළින් කළට මෙම කල්ලි විසින් රට පාලනය කරමින් සිටින බවයි.
මහජනතාවට බදු ගෙවීම පමණක් සිදු කිරීමට ඉඩ හැර දේශපාලනඥයින් සොරකම් කිරීම සිදුකරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ.
මේ අතර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන ලබාදීමට රජයට හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ජනතාවට ඉන්ධන සහනය ලබාදීමට නම්, රජය විසින් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළ යුතු බවයි.